සිදු නොවන පිටසක්වල ආක්‍රමණය
Oct. 6, 2015

නුතන තාරකා විද්‍යාව ඉතා දියුණු මට්ටමක පැවතුනද එයට තවමත් පෘතුවියෙන් පරිබාහිර ශිෂ්ඨාචාර සමග සම්බන්ධතා පැවත්වීමට හැකියාවක් ලැබී නැත. අවම වශයෙන් පිටසක්වල ජීවයක් පවතීද යන්න පවා තහවුරු කර ගත නොහැකි කරුණකි. නමුත් අපේ ශිෂ්ඨාචාරය හා විශ්වය පිළිබඳව අප දන්නා තොරතුරු වලට අනුව ඒ ගැන බුද්ධිමත් අනුමාන කිරීම් සිදු කල හැකිව පවතී.

හැටේ දශකයේදී එක්තරා විද්‍යාඥයකු විසින් පෘටිවියෙන් පරිබාහිර දියුණු පිටසක්වල ශිෂ්ඨාචාරයක් පිළිබද අදහසක් පලකරන ලදී. ඒ අනුව පරිහෝජනය කරනු ලබන ශක්ති ප්‍රමාණය අනුව පිටසක්වල ශිෂ්ඨාචාර වර්ගීකරණයට ලක් කරන ලදී.

එම වර්ගීකරණය එකේ සිට තුන දක්වා වන පරිමාණයකින් යුක්ත විය. මෙහි පළමු වර්ගයේ ශිෂ්ඨාචාර පෘටිවීයට තරමක්දුරට සමාන වනු ඇත. ඒවා තම ග්‍රහලොව තුලම පවතින කාලගුණය, භූ කම්පන, ගිනිකඳු වැනි සියලුම ශක්ති ප්‍රභව වල ශක්තිය ලබා ගන්නා අතර සාගර තුල පවා ඇති අවකාශය ප්‍රයෝජනයට ගෙන නගර නිර්මාණය කරනු ලබනවා ඇති.

මීළඟ වර්ගය වන්නේ තම සුර්යා මගින් නිකුත් කරන මුළු ශක්තියම ප්‍රයෝජනයට ගන්නා  ශිෂ්ඨාචාරයි. මෙම ශක්තිය සුපිරි පරිගණක හා අභ්‍යවකාශ ගවේෂණ සඳහා ඉන්ධන ලෙස භාවිතා කරනු ලබනවා ඇත.

තෙවන වර්ගය වන්නේ සුපිරි ශිෂ්ඨාචාරයි. මෙම වර්ගයේ ශිෂ්ඨාචාර තාක්ෂණික ලෙස කෙතරම් දියුණුදයත් තම සුර්යයා ගෙන් පමණක් නොව මුලු මන්දාකිනියේම ඇති තාරකා වලින් ශක්තිය ලබා ගන්නවා ඇත. තරු බිලියන ගණනක ශක්තිය යොදා ගනිමින් මුලු මන්දාකිනියම ජනාවාස කරනු ඇත.

බාහිර නිරීක්ෂකයකුට තුන්වන වර්ගයේ  ශිෂ්ඨාචාරයක් සම්පුර්ණයෙන්ම අදෘශ්‍යමාන වන අතර ඔහුට නිරීක්ෂණය කිරීමට හැකි වනු ඇත්තේ තාපය පමණක් වනු ඇති.

ක්ෂීරපථයට ආසන්නයේ පිහිටා ඇති මන්දාකිනි සියල්ල දීප්තිමත්ව පවතින නිසා තුන්වන වර්ගයේ  ශිෂ්ඨාචාර අපට ආසන්නයේ පිහිටා නොමැති බව නවතම මතයයි. නමුත් පළමු හා දෙවන වර්ගයේ පිටසක්වළ ශිෂ්ඨාචාර නම් ඇතැම් විට සොයාගැනීමට හැකි වනු ඇති...

ඔබේ දැනුමට

පොසිල ඉන්ධන, ජල විදුලිය  වැනි බලශක්ති ප්‍රහව අප පරිභෝජනය කලද එම ප්‍රහව වලින් නිපදවිය හැකි සම්පුර්ණ බලශක්තියම අප පරිභෝජනයට නොගන්නා නිසා මෙම පරිමාණයේ අප සිටින්නේ බින්දුවේය. තාක්ෂණික දියුණුවේ වේගය හා ජනගහන වර්ධනය නිසා තව වසර සිය ගණනකට පසු අපහට පළමු වර්ගයේ ශිෂ්ඨාචාරයක් බවට පත්වීමට හැකියාව ලැබෙනු ඇත. 

This Space Scoop is based on a Press Release from ASTRON .
ASTRON
රූපය
මුද්‍රණ පිටපත

වැඩිදුර තොරතුරු

Space Scoop යනු කුමක්ද?

තාරකා විද්‍යාව ගැන තවදුරටත්

අභ්‍යවකාශ ගවේෂණයේ මීළග පරපුරේ ප්‍රගමනයට

Space Scoop මිතුරෝ

අපව අමතන්න