සෞරග්‍රහ මණ්ඩලයේ සුපිරි වීරයා
July 20, 2015

අපගේ සෞර ග්‍රහමණ්ඩලයේ සුපිරි වීරයා ලෙස සැලකෙන්නේ බ්‍රහස්පති ග්‍රහලොවයි. මෙම යෝධ ග්‍රහලොවේ ස්කන්ධය සෙසු සියලුම ග්‍රහලෝක වල ස්කන්ධයන්ගේ එකතුව මෙන් දෙගුණයකටත් වඩා වැඩිවේ. මෙම විශාල ස්කන්ධය නිසා ලැබෙන යෝධ ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් සෞර ග්‍රහමණ්ඩලයේ සුපිරි වීරයාගේ භූමිකාව බ්‍රහස්පති ග්‍රහයා වෙත ලැබී ඇති අතර එය පෘටිවියේ ජීවය ආරක්ෂා වීමටද හේතු වී ඇත.

වසර මිලියන 65කට පෙර ඩයිනෝසෝරයින් ගේ නෂ්ට වීමට හේතු වූ ඇස්ටරොයිඩ ගැටුම මතකද? බ්‍රහස්පති නොතිබෙන්නට ඉතිහාසය පුරා එවැනි ගැටුම් ගණනාවකට මුහුණදීමට මානව  ශිෂ්ඨාචාරයට සිදුවනු ඇත. ඇතැම්විට එම නිසා මානව ශිෂ්ඨාචාරය ඇරඹීම පවා සිදු නොවනු ඇත.

නමුත් වාසනාවකට මෙන් බ්‍රහස්පතිගේ ගුරුත්වාකර්ෂණය නිසා පෘටිවය දෙසට ඇදී එන වල්ගාතරු හා ඇස්ටරොයිඩ වල ගමන් පථය වෙනස් වීම සිදුවේ. මෙම හේතුවත් තවත් අතුරු හේතු ගණනාවක් නිසාත් අපගේ සෞර ග්‍රහමණ්ඩලයට සමාන සෞර ග්‍රහමණ්ඩල තුල පිටසක්වල ජීවය සොයා ගැනීමට හැකි වේ යැයි තාරකා විද්‍යාඥයන් විස්වාස කරනු ලැබේ.

බ්‍රහස්පති සුර්යා ගෙන් තරමක් දුරින් පිහිටා තිබුනත් අවාසනාවකට මෙන් මේ වන තෙක් සොයාගත් බොහෝ ග්‍රහ මණ්ඩල වල විශාල ග්‍රහලෝක පිහිටා තිබුනේ තාරකාවට ආසන්නයෙන්. මීට හේතුව එපිටින් සහ අඳුරේ පවතින ග්‍රහලෝක හඳුනා ගැනීම අසීරු කාර්යක් වීමයි.

බ්‍රහස්පති ගේ නිවුන් සහෝදරෙයක් වගේ තරම් ප්‍රමාණයෙන් යුක්ත ග්‍රහලොවක් පරිභ්‍රමණය වෙන  තරුවක් මෑතකදී තාරකා විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා. ඒවගේම තරුවේ සිට ග්‍රහලෝකෙට තියෙන දුරත් බ්‍රහස්පතිට සමානයි. 

ඒ සොයාගැනීම එක්ක අපේ සෞරග්‍රහ මණ්ඩලයට සමාන තැනක් සොයා ගැනීම ගැන අලුත් බලාපොරොත්තු ඇති වෙලා තියෙනවා. එම ග්‍රහලොවට ස්තුතිවන්ත වෙන්න එහි ජීවයකුත් පවතින්න පුළුවන්. 

ඔබේ දැනුමට

බ්‍රහස්පති ග්‍රහලොව අපේ සුපිරි වීරයා වුනාට එය සාමකාමී ග්‍රහලොවක් නම් නෙවෙයි. වසර සිය ගණනක් තිස්සේ හමා යන චන්ඩ මාරුත මෙම ග්‍රහලොව තුල ඉතා බහුලයි.  

This Space Scoop is based on a Press Release from ESO .
ESO
රූපය
මුද්‍රණ පිටපත

වැඩිදුර තොරතුරු

Space Scoop යනු කුමක්ද?

තාරකා විද්‍යාව ගැන තවදුරටත්

අභ්‍යවකාශ ගවේෂණයේ මීළග පරපුරේ ප්‍රගමනයට

Space Scoop මිතුරෝ

අපව අමතන්න