කෑදර මන්දාකිනි
June 29, 2015

තරු සිය දහස් ගණනක් එක්වීමෙන් මන්දාකිනි නිර්මාණය වීම සිදුවේ. නමුත් ඔබ දන්නවාද ඒවා කුඩා මන්දාකිනි ගිල දමා තව තවත් විශාල වනබව?

තාරකා විද්‍යාඥයන් එසේ සිදු වේ යැයි විශ්වාස කලත් එය ඔප්පු කර ගැනීම තරමක් අපහසු වුණා. කුඩා මන්දාකිණියක් ගිල ගත් පසු එවැන්නක් තිබුනාද යන්න ගැන කිසිදු සාක්ෂියක් ඉතිරි වන්නේ නැහැ. එය හරියට පොකුණකට විසි කල වතුර බාල්දියක් වගේ කවලම් වෙලා යනවා.

ඒ ආකාරයටම කුඩා මන්දාකිනියේ තරු සහ විශාල මන්දාකිනියේ තරු ඒවා මුලින් අයිති වී තිබුනේ මොන මන්දාකිනියටදැයි කිව නොහැකි ලෙස මිශ්‍ර වී යනවා.

මෙසේ ගිල දැමු මන්දාකිනි සොයා ගැනීමට තාරකා විද්‍යාඥයන් අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් අන්තරීක්ෂ වායු හා දුවිලි වලාකුළු හෙවත් ග්‍රහ නිහාරිකා පිළිබද සොයා බලනවා. තාරකා තරම් සුලභව ග්‍රහ නිහාරිකා දකින්නට නොලැබෙන අතර ඒවා හඳුනා ගැනීම තරුවක් හඳුනා ගන්නවාට වඩා පහසුයි.

ආයෙත් පොකුණකට විසි කල වතුර බාල්දියක් ගැන හිතන්න. නමුත් මේ පාර විසි කරන්නේ මඩ වතුර. වතුර මිශ්‍ර වුනත් කලවම් වේගෙන යන මඩ අංශු ජල තරංග තුලින් අපිට බලාගන්න පුළුවන්.

ග්‍රහ නිහාරිකා හරියට මඩ අංශු වගේ ක්‍රියාත්මක වෙලා විශාල මන්දාකිනි ඇතුලට කලවම් වෙලා ගියා කුඩා මන්දාකිනි අපට දැක ගැනීමට සලස්වනවා.

මෙසියර් 87 යනුවෙන් හඳුන්වන සුපිරි යෝධ මන්දාකිනියේ ග්‍රහ නිහාරිකා 300 විතර මෙම ක්‍රමය මගින් අධ්‍යනය කරපු තාරකා විද්‍යාඥයන් එහි අඳුරු රහසක් අනාවරණය කරගෙන. අවුරුදු බිලියනක විතර කාලයක් තුල එය සර්පිලාකාර මන්දාකිනියක් සම්පුර්ණයෙන්ම  ගිල දමලා!

ඔබේ දැනුමට

මෙසියර් 87 මන්දාකිනියේ ග්‍රහ නිහාරිකාවක් සෙවීම සිකුරු ග්‍රහයා මත දැල්වෙන වොට් 60 ක බල්බයක් පෘටිවිය මත සිට නිරීක්ෂණය කිරීමට සමාන වෙනවා. 

This Space Scoop is based on a Press Release from ESO.
ESO

Translated by Janith Weerasinghe, Foundation of Astronomical Studies & Exploration for Universe Awareness Sri Lanka

රූපය
මුද්‍රණ පිටපත
තවත් Space Scoop ලිපි

වැඩිදුර තොරතුරු

Space Scoop යනු කුමක්ද?

තාරකා විද්‍යාව ගැන තවදුරටත්

අභ්‍යවකාශ ගවේෂණයේ මීළග පරපුරේ ප්‍රගමනයට

Space Scoop මිතුරෝ

අපව අමතන්න

This website was produced by funding from the European Community's Horizon 2020 Programme under grant agreement n° 638653